Colombo Today Local News

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්

බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ මේ සඳහා අනුයුක්ත කර ඇති බවය.

බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර, පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 41 පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක තවමත් හිඟයි

colombotoday

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

colombotoday

දින කිහිපයකට පෙර මිය ගිය කතකගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin