Colombo Today Local News

කොළඹ වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් 17 ක පිටපත් කතානායකට

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සම් 17 ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)දින පැවැසී ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව යයිද කතානායක වරයා කීය.

මේ අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සමක පිටපතක්ද තමාට ලැබී තිබෙන බව අබේවර්ධන මහතා පැවැසී ය.

කතානායක වරයා මෙසේ පැවසූයේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

Related posts

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් පූර්ණ සහාය.

colombotoday

Facebook පෙම්වතුන් සමඟ දීගකන්න ගිය සිසුවියන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday