Colombo Today Local News

ශ්‍රී ලාංකික “දූ ශශීලා” බහුදින ධීවර යාත්‍රාව ඉරානයෙන් දුන් කෝටි 800ක හෙරොයින් සමග ඉන්දීය නාවික හමුදාව වටලයි

ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මෙරට පුද්ගලයින් 05 දෙනෙකු ඉන්දියාවේ කොචින්හි දී එරට මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය නාවික හමුදාව සිදුකළ විශේෂ වැටලීමක දී කොචින් වරායට ආසන්න ගැඹුරු මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය තොගය රැගත් යාත්‍රාව සොයාගෙන ඇති බවය.

“දූ ශශීලා” නැමැති ආදාළ ධීවර යාත්‍රාවේ මසුන් ඇසිරීම සඳහා යොදාගන්නා අයිස් අතර ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සොයාගෙන ඇත.

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් මෙම බහුදින ධීවර යාත්‍රාව නිරීක්ෂණය කර ඇති අතර සැකපිට අදාළ යාත්‍රාව සහ ධීවරයින් පිරිස සිය භාරයට ගෙන කොචින් වරායට රැගෙනවිත් සෝදිසී කිරීමේදී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම හෙරොයින් තොගය ඉරාන යාත්‍රාවකින් ගැඹුරු මුහුදේදී එම ධීවර යාත්‍රාවට ලබාදී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 340 ඉක්මවන බව වාර්තා වේ.

පසුගිය මාර්තු 30 වන දිනද ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් කේරළ‍යේ විජිංජම් මුහුදේදී සොයාගනු ලැබීය.

අදාළ ධීවර යාත්‍රාවේ තිබී A K 47 ගිනි අවි 05ක්, මිලි මීටර 09 වර්ගයේ උණ්ඩ 1000ක්ද සොයාගත් බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළේය.

ඊට අමතරව පසුගිය ජනවාරි මාසයේදී ද හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් ද තමිල්නාඩුවේදී ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

Related posts

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

යතුරු පැදියෙන් ඇවිත්, පාරේ ගිය පාසැල් දැරියකට එන්නතක් විද පලා ගිහින් (Video)

colombotoday

ඉතා රහසිගතව වැඩපොළක කාමරයක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

Admin

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් දිවයිනට

colombotoday

කොතලාවල පනතට සරසවි ඇඳුරන්ගේත් විරෝධය | ඔන්ලයින් ඉගැන්වීම් නවතයි

colombotoday

තීන්දුව සූදානම්… ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කරයි…

colombotoday