Colombo Today Local News

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

නව ආමාත්‍යාංශ නම් කර තිබෙන ආකාරය අනුව අමාත්‍යවරුන් හාස්‍යයට ලක් වී ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට නම් කළ හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (13) සමගි ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

“මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද? මුදල් පාලනය කරන්නේ මහින්ද ආරක්ෂාව පාලන කරන්නේ ගෝඨාභය, තරුණ හා ක්‍රීඩා පාලන කරන්නේ නාමල්, මුදල් වියදම් කරන්නේ බැසිල්, කෘෂිකර්මාන්තයට වතුර යවන්නේ චමල්.” බව ඒ මහතා පැවසීය.

“මගේ මිත්‍රයාට බතික් ඇමතිකමක් දීලා, චීත්තයක් වගේ රෙද්දක් ඇඳගනින් කිව්වා. නැවෙන් සල්ලි එනතුරු බලාගෙන හිටිය කෙනාට වරාය ඇමතිකම දීලා. හාස්‍යයට කරුණක් බව සංවේගයෙන් මතක් කරනවා. ගෝඨාභය විශ්වාස කරගෙන ඡන්දෙ දීපු අයට පළමුවෙනි කණේ පහර වැදිලා. ඔබ දීපු ජනවරම නිසා අපි නිහඬව ඉන්නවා. මාසෙකින් විතර හොඳ හොඳ සෙල්ලම් අපි කථා කරනවා” යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

colombotoday

ගුවන් යානයේ සිටි එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියා කීවා. ගුවන් අනතුර ඇසින් දුටුවෙක් කියයි

colombotoday

ගව ඝාතනය නැවැත්වීමේ ජනපති තීරණයට රවී එරෙහි වේ.. රවී පිටුපස උලමා සංවිධානය!

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !

colombotoday