Colombo Today Local News

2020 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී මැතිවරණයක්

2020 පාර්ලිමේන්තු මැතිවරණය සමස්ථයක් ලෙස සාමකාමී මැතිවරණයක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකි බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවිම අවම මට්ටමක පැවැති බවය.

ඊයේ (05) දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ අතර මැතිවරණය අවසන් වුවද පශ්චාත් මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්

colombotoday

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

colombotoday

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද මහජන උපයෝගිතා කොමිසමට

Admin

අද ඩොලරයේ මිල

colombotoday