Colombo Today Local News

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිගමන අද (15)දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.

එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කළේය.

එම කමිටුව, කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 9 දෙනෙකුගෙන් සමන්විතය.

එම කමිටුව ඊයේ (14)දින සවස රැස්වී සාකච්ඡා කර තිබේ.

Related posts

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

colombotoday

හාවාඑළිය ගාඩ් වත්තතේ දී පුද්ගලයෙක් අතුරුදන්

Admin

පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මිය යයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙයි.. කතරගම උණුසුම්

colombotoday

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

උතුරේ සේවා වලටත් බාධා

colombotoday

හදිසියක් නම් අමතන්න ලිට්රෝ සමාගමෙන් අංකයක්

colombotoday