World

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

b6b25ce5-3a4b-4cef-93f9-4a8ede78495d
ඉරාකයේ, බැග්ඩෑඩ් නුවර ෂියා මුස්ලිම් පල්ලියක් වෙත IS ඉස්ලාම් රාජ්‍යයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හා තුවක්කුකරුවන් විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් ජීවිත හානි 35ක් සිදුව තිබේ.

සයීඩ් මොහම්මද් බිල් අලි අල්-හාදි පල්ලිය අසල එක් ත්‍රස්තයෙකු මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගැනීමෙන් පසුව සෙසු ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ආයුධ සන්නද්ධව පල්ලිය තුළට කඩා වැදී දිගට හරහට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී, පල්ලිය තුළ වූ පිරිස් ජීවිත බේරාගැනීමට දිවයන විට තවත් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු ඔවුන් ඉලක්ක කරමින් සිය බෝම්බයද පුපුරුවා ගනිමින් ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය දෙගුණ තෙගුණ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙම ප්‍රහාරයෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා සිටී.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සාප්පු සංකීර්ණයක් ඉලක්ක කරමින්, ඉතිහාසයේ දැවැන්තම බෝම්බ ප්‍රහාරයකට මුහුණදී වඩාත් ශෝකී අත්දැකීමකට මුහුණදෙමින් සිටින අතරවාරයේ සිදුවූ මෙම ප්‍රහාරය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් බඳු සිදුවීමක් යැයි ඉරාක වැසියෝ පවසති.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඉරාකය තුළ ප්‍රහාර වැඩිකරන බවට සිදුකර ඇති අනතුරු ඇඟවීමත් සමග විශේෂයෙන් රාමසාන් සමය ඉලක්ක කරමින් ලොව පුරා සිදුකරන ප්‍රහාර මාලාවේ තවත් එක් ප්‍රහාරයක් ලෙස මෙම ෂියා පල්ලියේ ප්‍රහාරය හැඳින්විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

කොරියානු දේශ සීමාවේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැරේ

colombotoday

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin

විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයි

Admin