World

කොරියානු දේශ සීමාවේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැරේ

උතුරු සහ දකුණු කොරියානු දේශ සීමා ආසන්නයේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැර තිබේ.

දකුණු කොරියාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට උතුරු කොරියාව විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සන්නිවේදන කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම ඒකාබද්ධ කාර්යාලය 2018 වසරේදී ස්ථාපිත කෙරිණි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය ජනවාරි මස සිට වසා දමා තිබුණි.

පසුගිය සති කිහිපය පුරා දෙරට අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හට ගෙන තිබේ.

Related posts

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin

අධිචෝදනා 34ක් එල්ල වුවත් මම නිවැරදිකරු – ට්‍රම්ප් අධිකරණයේදී කියයි

Admin

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ බලතල පළමුවරට කාන්තාවකට

colombotoday

වට්ස්ඇප් නව රෙගුලාසි ඉල්ලා අස්කර ගනු. | ඉන්දීය රජය වට්ස්ඇප් සමාගමට දින 7ක් දෙයි.

colombotoday