Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන්ට අගමැතිගෙන් අළුත් තනතුරක් !

farji33බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දෙන ගැටලු විසඳීමට පත් කෙරුණු දොළොස් පුද්ගල අග්‍රාමාත්‍ය අනු කමිටුවේ කටයුතු ඊයේ (04) සිට ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබූ දොළොස් පුද්ගල කමිටුවේ කැඳවුම්කරු ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම්, ජනාධිපති ආර්ථික උපදේශක සරත් රාජකරුණා, ආචාර්ය සමන් කැලේගම, ක්‍රිෂාන් දිසානායක, මහාචාර්ය සිරිමල් අබේරත්න, නිෂාන්ද මැල්, මුර්තසා ජෙෆර්ජි හා අනුෂ්ක විජේසිංහ එම කමිටුවේ සෙසු සමාජිකයෝ වෙති.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට බලපාන ආර්ථීකමය කරුණු හමුවේ ආසියාව සමග මධ්‍ය සහ දීර්ඝ කාලීන වශයෙන් සම්බන්ධතා තර කරගන්නා ආකාරය රජයට නිර්දේශ කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වෙයි.

චීනය හා ඉන්දියාව සමග ඉදිරියේදී තාක්ෂණ වෙළෙඳ ගිවිසුම්වලට හැකි ඉක්මනින් එළැඹීමද මෙම කමිටුව සතු වගකීමක් බව ආරංචි මාර්ග පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන 18 හා 19 දෙදින සිංගප්පූරුවේ කරන සංචාරයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කර ගන්නා වෙළෙඳ ආර්ථික හා තාක්ෂණ ගිවිසුම් සම්බන්ධ වූ සියලු කටයුතු මෙම කමිටුව විසින් වහාම සම්පූර්ණ කළ යුතුව තිබේ.

Related posts

බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඇමති රවීගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

colombotoday

එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය යාපනයේදී මහජන අදහස් විමසීමයි

colombotoday

මම ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම විකුණන්නේ නෑ. – ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පොරොන්දුවක්.

colombotoday

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

ශිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් කෙරේ

colombotoday

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday