Colombo Today Local News

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

කල් ඉකුත්වූ වී මිලදී ගෙන නිකවැරටිය ප්‍රදේශයේ ගබඩා කර තැබීම සම්බන්ධයෙන් වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවා තිබේ.

වී ගබඩා 2 ක පරණ වී ගබඩා කර ඇති බවට වයඹ ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලද තොරතුරකට අනුව කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

අදාළ වී ගබඩා තුළ වී කිලෝග්‍රෑම් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර, ඉන් වී කිලෝග්‍රෑම් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් සත්ත්ව ආහාර සඳහා යොදා ගැනෙන ඉතාමත් පරණ වී බවට කළ විගණන විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

ඒ අනුව අදාළ නිතිවිරෝධී වී මිලදී ගැනීම හා ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව භාරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

නිකවැරටිය ප්‍රදේශයේ ඇති එම වී ගබඩා දෙක මේ වනවිට විගණන නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාර දී තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්ද පරීක්ෂණයක් සිදු කෙරේ.

Related posts

Colombo Today පුවත ඇත්ත වෙයි. භූමිදාන ගැසට්ටුව නිකුත් කරයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස් වෙයි.

colombotoday

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

colombotoday

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday

අන්තවාදීන්ගේ මත්පෙති සහ වදපෙති ගබඩාවක් අල්ලයි… එක පෙත්තක් බීවොත් ජීවිත කාලයටම දරුඵල අහිමියි….

colombotoday

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday