Colombo Today Local News

අන්තවාදීන්ගේ මත්පෙති සහ වදපෙති ගබඩාවක් අල්ලයි… එක පෙත්තක් බීවොත් ජීවිත කාලයටම දරුඵල අහිමියි….

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන අන්තවාදීන්ගේ කණ්ඩායමට අයත් කොළඹට මත්පෙති බෙදාහරින කල්ලියක ප්‍රධාන ගබඩාව කොළඹ ආදුරුප්පු වීදියේ පොලිස් විශේෂ කාර්ය බළකාය අයත් අඩංගුවට ගෙන ඇත.

මෙහිදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මත්පෙති හැට තුන්දහස්, ලිංගික උත්තේජන පෙති හා ගබ්සා පෙති තොගයක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පෙති අතරේ තිබූ ගබ්සා පෙති පහක් අඩංගු කාඩ්පතක් රුපියල් පන්දහසකට විකුණූ බවත්, එම පෙති පානය කරන කතුන්ට ජීවිත කාලයටම දරුඵල අහිමි වන බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙදී හෙළිවී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික ද සිල්වා ඇතුළු කණ්ඩායමක් ආදුරුප්පු වීදියේ මෙම ගබඩාව වටලා ඇත්තේ පසුගියදා මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් පවුලේ නිවසක තිබී සොයාගත් මත්කුඩු ගැන විමර්ශන සිදුකළ අවස්ථාවේදී ලද තොරතුරක් මතය.

මෙහිදී මොහොමඩ් එලුව්දින්, මොහොමඩ් පනාවික් යන දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් කොළම හා පිටපළාත් වලට බෙදාහැරීම කර ඇත.

Related posts

මා ආර්ථික පඬිවරයෙක්.. ගරා වැටුණු ආර්ථිකය ගොඩ අරන් මං අගමැති වුනාම සෑම පවුලකටම රුපියල් 20,000 ක ආධාරයක් ලබා දෙනවා

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday