Colombo Today Local News

අද කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9.00 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 01, කොළඹ 02 , කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්අහිටුවනු ඇති.

එම කාලය තුළ කොළඹ 03, කොළඹ 04, කොළඹ 07 සහ 08 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජලය බෙදා හැරෙන නළ මාර්ගවල වැඩි දියුණු කිරීමක් සහ අංගොඩ ප්‍රදේශයේ ජල නළ මාර්ගයක අලුත්වැඩියාවක් ඊට හේතු වී තිබේ.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටි 9ක් නිදහස්

colombotoday

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

colombotoday

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

colombotoday

අල්ලස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට නව සභාපතිවරු පත් කරයි.

colombotoday

චන්ද්‍රිකා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හමුවෙයි..!

colombotoday

බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin