Colombo Today Local News

හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයට මාරු වන ලකුණු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (අගෝ. 11) තායිලන්තය බලා යාමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ, රාජපක්ෂ මහතා තාවකාලිව එරට රැඳී සිටීමේ අපේක්ෂාවෙන් එහි යනු ඇති බව ය.

ඒ අනුව, ඔහු සිංගප්පූරුවෙන් පිටත්ව හෙට තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර තායි රජයේ ප්‍රකාශිකා රචඩා තනාදිරෙක් රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මේ පිළිබඳව “කිසිදු අදහසක් නැත” යනුවෙනි.

ශ්‍රී ලංකාව හැර යාමෙන් පසු හිටපු ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිටීමක් හෝ අදහස් දැක්වීමක් කර නොමැති අතර සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇත්තේ, ඔහුට කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබා නොදුන් බව ය.

රාජපක්ෂ මහතා ජූලි 14 දා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබිණි.

Related posts

භික්ෂූන් වහන්සේ පිරිවරා මහ සෙනගක් මල්වතු මහා විහාරයට… සත්‍යග්‍රහයක් අරඹන්න සූදානම් !

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි

colombotoday

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලති

colombotoday

ටයිකොන්ඩෝ කලු පටිය පැළැඳගෙන අගමැති මහින්ද වැඩ පෙන්වයි

colombotoday

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

Admin