Colombo Today Local News

19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවට – සමගි ජන බලවේගයෙන් චෝදනාවක්

ආණ්ඩුව 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ වුවමනාවට බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

අද (26) පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ නියෝජිතයන් මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය.

“තමුන්නාසේලාගේ අයිතිය තමයි මේ උදුරගන්න හදන්නේ. මේ ව්‍යවස්ථාවේ අපිට අයිතියක් නෑ. අපි අයිතිය දන් දීලා තියෙන්නේ.”

“ශිරාල් ලක්තිලක මැතිතුමාලා ජනතාව අතරේ සමීක්ෂණයක් කළා. බහුතරේ කියන්නේ 19 වන ව්‍යවස්ථාවට එකඟයි. විධායක ජනාධිපති බලතල සීමාකිරීමට 69%ක් එකඟයි. 3% ක් එකඟ නැහැ.”

“තොරතුරු දැනගැනිමේ පනත 62%ක් හොඳයි කියනවා. ජනාධිපති ධුර කාලය දෙවරකට සීමාකිරීමට 75 ක් එකඟයි. 9% ක් එකඟ නෑ.”

“කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ගත්තම 65% ක් එකඟ නෑ . ඒ ගැන ඔවුන් කලකිරීමෙන් ඉන්නේ.”

“කැබිනට් ඇමතිකම් සීමාකිරීමට 98% ක් එකඟයි. ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට 72 %ක් විරුද්ධයි. ඒක ගෙනාවේ ඇතුළේ තියෙන ප්‍රශ්න ටික බේරගන්න.”

“අද ජනතාව ඉන්නේ 19 වන සංශෝධනය ඕන කියලා. ජනතාව සමග අපි උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා 19 ආරක්ෂා කරගන්න..”

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“බැසිල්ගේ වුවමනාවට තමයි, 19 ව්‍යවස්ථාව ඉවත් කරන්න හදන්නේ. පුරවැසියෝ ලක්ෂ 216ක අයිතිවාසිකම් අයින්කරන්න යනවා, එක්කෙනෙක්ගේ අමෙරිකාවේ පුරවැසිකම බේරගන්න.”

Related posts

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin

දෙවනගල පුරාවිද්‍යා ස්මාරක වැළලීමට යලි උත්සහ ගනී. | පූජා භූමියට අයිති ඉඩමේ අනවසර සංවර්ධනය හිමිනමගේ මැදිහත් වීමෙන් නවතී

colombotoday

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

colombotoday

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

colombotoday

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday