Colombo Today Local News

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසූයේ ජාතික බස් සංගම් හතක් ද මේ වන විට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බවත් පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය එහිදී සඳහන් කළේය.

Related posts

වැසිකිළි වාරයකට වට්ටක්කා කිලෝ 4යි.. පොහොර සහනයත් මුලාවක්.. එළවලු ගොවියාගේ ඛේදවාචකය මෙන්න

colombotoday

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

colombotoday

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

colombotoday

ශ්‍රීලනිප – ඒකාබද්ධ සාකච්ඡා බිද වැටේ.. ඒකාබද්ධය තනිවම ඡන්ද සටන අරඹයි.. ඊයේ ගත් තීරණ මෙන්න

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday