Colombo Today Local News

“කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” රාජිත

rajitha
කොහේ හෝ ටීවී චැනල් එකකින් මුදල් එකතු කරන විට එය එකම පෙට් ස්කෑනර් යන්ත්‍රය යැයි සිතන බවත්, සමාජ මාධ්‍යවල සහ වෙබ්අඩිව වල ඒ පිළිබදව ඉහළින් ප්‍රචාරය කරන බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එසේ වුවත් මෙරට තිබෙන එකම ස්කෑනර් යන්ත්‍රය එය ‍නොවන බවත් ආණ්ඩුව ඇනවුම්කළ පෙට් ස්කෑනරය මග එන බවත් මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසීය.

ලංකාවේ ප්‍රධානතම පිළිකා රෝහල වන මහරගම පිළිකා රෝහලට අතවශ්‍ය කරන පෙට් ස්කෑනර් යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් ‍ජීවිත බේරාගතහැකිව තිබූ රෝගීන් දහස් ගණනක් අකාලයේ මරුතුරුලට යද්දී ඒ පිළිබදව රෝහල් බලධාරින් දැනුවත් කර තිබුණත් එම යන්ත්‍රය ලබා දීම සදහා ප්‍රතිපාදන වෙන් කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා අපොහොසත් විය.

එසේ තිබියදී පෙට් ස්කෑනර් යන්ත්‍රයක් ලබා ගැනීමට සහය දක්වන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය එක්ව කරන ලද ඉල්ලීමකට අනුව දෙරණ රූපවාහිනිය මැදිහත්ව ඇරඹි මානුෂීය ක්‍රියාන්විතය රට පුරා සත්පුරුෂ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. ජන දුක අමතක රජයේ මැති ඇමතිවරුන් පුද්ගලික සුඛ විහරණය උදෙසා ප්‍රකෝටි ගණන් මුදල් වෙන්කරගනිද්දී පරිත්‍යාගශීලී ජනතාව සමග එක්ව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් දුක්විදින ‍සුවහසක් රෝගී ජනතාව වෙනුවෙන් මෙවැනි මහ මෙහෙවරක යෙදීමම තම යුතුකම හා වගකීම පැහැරහැරි ඇමතිවරුන් කෙරෙහි ජනතා අප්‍රසාදය තව තවත් දැඩිවීමට හේතුවක්වී තිබේ. සමාජ මාධ්‍ය හරහා පලවන ජනතා අදහස්වලි ඒ බව මනාව පැහැදිළි වේ.

ඒ හමුවේ පරලව සිටින ඇමතිවරයා ඇතුළු රජයේ ඇතැම් බලධාරීන් පෙට් ස්කෑනරය සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර නවතා දමන ලෙස පසුගිය දින කිහිපයේ දෙරණ රූපවාහිනී ආයතනයට විවිධාකාරයේ බලපෑම් එල්ලකළ බවට විශ්වාසදායක ආරංචිමාර්ගවලින් අප වෙත දැනගැනීමට ලැබිණි. එය කෙතරම් සත්‍යයක්ද යන්න රජයට හෝ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් තමන්ට කළ නොහැකි වූ දේ රටේ වගකියයුතු මාධ්‍ය ආයතනයක් හා පරිත්‍යාගශීලි මහජනතාව එක්ව සාර්ථකව නිමකර පෙන්වද්දී එය අවතක්සේරු කරමින් බොරු ප්‍රලාප ඇදබා තම නොහැකියාව වසා ගන්නට දගලන ඇමතිවරයාගේ කුහක ප්‍රකාශ තුළින්ම නැවත වරක් තහවුරු වේ.

Related posts

“විමල් මොන ළදරුවෙක්ද.. කවුරු එපා කීවත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවාමයි“ – අනුර දිසානායක

colombotoday

අමාත්‍යාංශ 38ක් අසාර්ථකයි.. වරද ලේකම්වරුන් පිට පැටවෙයි.. වැඩබැරි ඇමතිලා ශුද්දයි !!

colombotoday

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දී රාජ්‍ය නිලධාරීන් සෘජු දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින්නැයි මැතිවරණ කොමිෂම දන්වයි

colombotoday

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

colombotoday

සරසවි සිසුවෙක් නේවාසිකාගාරය තුළ මැරී වැටෙයි

Admin

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin