Colombo Today Local News

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ දී රාජ්‍ය නිලධාරීන් සෘජු දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින්නැයි මැතිවරණ කොමිෂම දන්වයි

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැඩිව අවධාරණය කර තිබේ.

දේශපාලන අයිතිය හිමි වුව ද අහිමි වුව ද මැතිවරණ රාජකාරීවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍යය සේවයේ නියුතු සියලු පාර්ශව දේශපාලන කටයුතුවලින් බැහැරවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කර ඇත.

මෙහිදි ඔවුන් පෙන්වාදී ඇත්තේ මැතිවරණයට අදාළව අපේක්ෂකයින් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සහිත නිලධාරීන් ලෙස මාණ්ඩලික නිලධාරින් සහභාගී වී ඇති බවට කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කෙසේවෙතත් සියලු රාජ්‍ය නිලධාරීන් මෙවැනි උත්සවවලට සහභාගී නොවී සිටීමට වගබලා ගත යුතු බව ඔවුන් සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

Related posts

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

තවත් ලාංකිකයන් 273ක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට පිටත් වෙයි.

colombotoday

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin