Colombo Today Local News

අපේක්ෂා රෝහලේ හෙදියට වෛද්‍යවරකුගෙන් පහර දීමක්. හෙදියෝ විරෝධතාවක

මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (18) දා උදෑසන සේවයෙන් ඉවත්ව විරෝධතාවක් නිරත විය.

අපේක්ෂා රෝහලේ හෙද – හෙදියෝ 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් රෝහල ඉදිරිපිට දී පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.

ශල්‍යකර්ම සඳහා නියමිත නාමලේඛනයේ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නොවන දෙදෙනෙකුට අයත් රෝගීන් දෙදෙනකුගේ නම් දෙකක් තිබීම පිළිබඳව ප්‍රධාන හෙද නිලධාරිනිය මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් විමසා තිබේ.

එහිදී වෛද්‍යවරයා ඊට උරණ වි ශල්‍යාගාරය භාර ප්‍රධාන හෙද නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන පසුව ඇයට පරුෂ වචනයෙන් බැන මෙසේ පහරදීමක් සිදුකර ඇතැයි විරෝධතා කරුවෝ චෝදනා කරති.

පසුව පහරකෑමට ලක්වූ ප්‍රධාන හෙද නිලධාරීනිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබයි.

Related posts

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday

සජිත් – රවී ගැටුම අගමැති හමුවට

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday