Covid 19

මහනුවර පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ්

මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (15)දින හඳුනා ගෙන තිබේ.

මෙම භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය තත්ත්වයේ පසුවන බැවින් රෝහල් ගත කිරීමට පියවර නොගෙන පිරිවෙන තුළම සිට ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.

මේ අතර මහනුවර වැව රවුමේ පෞද්ගලික හෝටලයක ස්ථාපිත කර ඇති කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානයට ගතවූ දින කිහිපයේ භික්ෂූන් වහන්සේලා විශාල වශයෙන් ඇතුළත් කිරීම නිසා එම ස්ථානයට මහ සංඝරත්නය ඇතුළත්කර ගැනීම සීමාකර තිබේ.

මේ හේතුවෙන් කොවිඩ් ආසාදිත මහසංඝරත්නයට විහාරස්ථාන තුළදීම ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අංශ අවධානය යොමුවී ඇත.

Related posts

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් 69කට කොරෝනා

colombotoday

බොරැල්ල පොලිසියේ 40 ක් නිරෝධායනයට

colombotoday

ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම්. | මුලින්ම හිමිවන අය මෙන්න

colombotoday

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොවිඩ්

colombotoday