Colombo Today Local News

ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ව්‍යාපෘති අධීක්ෂණයට පත්කරන්න යයි

ආණ්ඩු පක්ෂයේ සිටින තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධූර පිරිනැමීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බවට රජයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් එම අධීක්ෂණ මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යාංශ හෝ රාජ්‍ය අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස නොව,රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ඔවුන් පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග වලින් පැවසේ.

ඒ අනුව ඔවුන් අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට යෝජනා වී ඇත්තේ එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලම බවද පැවසේ .

තනතුරු නොමැති මන්ත්‍රීවරුන් ඉකුත්දා කණ්ඩායම් තුනක් වශයෙන් ජනාධිපතිවරයා හමු වූ අතර එහිදී ද ජනාධිපතිවරයා මෙම අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තා වෙයි.

දැනට රජය මගින් විශේෂ ව්‍යාපෘති ගණනාවක් රටපුරා මේ වන විට ආරම්භ කර ඇති අතර ඒවා අධීක්ෂණය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම වඩාත් ප්‍රායෝගික බව රජයේ අදහස වී තිබෙන බැවින් එම තීරණය ගෙන ඇති බවත් පැවසේ.

Related posts

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

විද්‍යුත් මාධ්‍යයට ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

colombotoday

ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර… නැවතුණු දුම්රිය යළි ධාවනය…

colombotoday

වැලනොකැඩී පොහොට්ටුවේ තවත් අය ජනපති සමඟ එක් වෙයි

Admin