Colombo Today Local News

ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (30) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්ගාල්ල, මාතර, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාල්ල සහ මාතර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

කුකුළේට මිලි මීටර් 150 වෙනකොට අපට කීවනම් ගංවතුර අඩුකරගන්න තිබුණා

colombotoday

බුද්ධි අංශ තොරතුරු මේ ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් – සුරැකුම්පත් ගැන ගැසට් පත්‍රයක් නිකුත් කරයි

Admin

බෙංගාල බොක්ක මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

colombotoday

තියුණු ආයුධයකින් පහර දී අකුරැස්සේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday