Colombo Today Local News

කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ තීරණයක්.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වන පුද්ගලයින් ඔවුන් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

යම් කෙනෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල්වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම තීරණය ගෙන තිබේ.

වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු කොවිඩ් – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද (17)දින රැස්වී එම තීරණ ගෙන තිබේ.

එහිදී දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදිකරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමටත්, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබාදීමටත් වැඩිපුර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට කාර්ය මණ්ඩල යොමුකිරීමත් තීරණය ගෙන ඇත.

තවද දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමටත් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේ දී සිදු කිරීමට කටයුතු කරන ලෙසට ද මෙම කමිටුවේ දී තීරණ ගෙන තිබේ.

එම රැස්වීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පවත්වා තිබේ.

Related posts

සේනා දළඹුවා මඩින්න සෙවනගල ගෙවිලියක් පළිබෝධනාශකයක් හදයි…

colombotoday

නවගමුවේ ගල්කොරියකට ඇද වැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

colombotoday

තේ කෝප්පයේ මිලත් නගී.. කිරි කෝප්පය 40 පනී !

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

colombotoday