Colombo Today Local News

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි.

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන ලෙස මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම පනත අහෝසි කළහොත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් 310කට නිදහස් වීමට අවස්ථාව ලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

2019 අපේ‍්‍රල් 21දා සිදු වූ පාස්කු ප‍්‍රහාරයට අදාළ අන්තවාදීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට හැකි වූයේ මෙම පනත මගිනි.

මෙම පනත අහෝසි කරන ලෙස යුරෝපා සංගමය හා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ද රජයෙන් ඉල්ලා තිබුණි.

එම පනත අහෝසි කරන ලෙස ඉල්ලා ඇති ස්විස් රජයද දැඩි නීතිරීති සහිත ත‍්‍රස්ත මර්දන පනතම එරට ක‍්‍රියාත්මක කරයි.

Related posts

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස්වීමක්

colombotoday

සරත් ෆොන්සේකාට වාරණ නියෝගයක්

Admin

දහම් පාසල් අද සිට ඇරඹේ.

colombotoday