Colombo Today Local News

දේශපාලන පක්ෂ ඉවත් කරන්න මැතිවරණ කොමිසමට යෝජනාවක්

අවම වශයෙන් වසර හයකට වරක් හෝ ඡන්ද විමසීමකට ඉදිරිපත් වී සියයට දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබ නොගන්නා දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ඉවත් කළයුතු බවට යෝජනා කර ඇත.

මැතිවරණ නීති සංශෝධනය සඳහා පත් කරන ලද විශේෂ තේරීම් කාරක සභාවට මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම යෝජනාව කර තිබේ.

දේශපාලන පක්ෂයක් ලෙස සැලකීමට නම් එහි ක්‍රියාකාරී බව,සංවිධාන ශක්තිය හා සාමාජිකයන්ගේ උනන්දුව තහවුරු කළ යුතුව ඇතැයි ද එම යෝජනාවේ දැක්වේ.

මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 76 කි. රටේ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව පිළිගත් දේශපාලන පක්ෂ ගණන ඉහළ අගයක් ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි. ඒ අනුව 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් පරිදි දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කළයුතුව ඇතැයි ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දුන් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday

පොදු ජන පෙරමුණ මහරගමට මෝටර් බයිසිකලයෙන් එයි

colombotoday

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday