Colombo Today Local News

පොහොර කාර්යාලයේ අධ්‍යක්ෂ තනතුරින් පන්නයි

පොහොර බෙදා හැරීමේ කටයුතු අක්‍රමවත් වීම නිසා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ. ඊ. බී. රොෂාන් එම තනතුරින් ඊයේ (15)දින සිට ඉවත් කරනු ලැබ ඇත.

යල කන්නයට අවශ්‍ය පොහොර තොග නියමිත වේලාවට බෙදා හැරීමට අධ්‍යක්ෂවරයා කටයුතු නොකළ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ හේතුවෙන් අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පෞද්ගලික සමාගම්වලින් ගෙන්වන ලද රසායනික පොහොර තොග කැලණිය සහ පෑලියගොඩ ගබඩාවල ගොඩගසා ඇති අයුරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පරීක්ෂාවට ලක් කළේ පෙරේදා (14) ය. නිසිපරිදි පොහොර තොග බෙදානොහැරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තවත් නිලධාරීන් සම්බන්ධ බවත් ඇමැතිවරයා පැවැසීය.

පෞද්ගලික සමාගම් සඟවා තිබෙන පොහොර බෙදා හැරීමේ කටයුතු ඊයේ (15) දිනයේ සිට ආරම්භ කර තිබෙන බවත්, ඉදිරි දින දෙක තුළදී පොහොර තොග බෙදා හැරීම සිදු නොවුණ හොත් රජයේ පොහොර සමාගම් හරහා එම පොහොර තොග බෙදා හැරීමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගෙ වැඩිදුරටත් කීවේය.

Related posts

ගල්අඟුරු රැගත් නෞකාවක් දිවයිනට

Admin

පූගොඩ පොලිසියේ හිටපු OIC රක්ෂිත බන්ධනාගරයට

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගැසූ අටළුගම මුස්ලිම් ජාතිකයාට බරපතල වැඩ සහිත වසර 06ක සිරදඬුවම්.

colombotoday

අපේ ප්‍රශ්න කියන්න ගියාම ජනපතිගේ ප්‍රශ්න අපට කියනවා.. වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණ වගේ

colombotoday

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday