Colombo Today Local News

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය හිමිව තිබේ.

සූර්ය බලශක්ති උත්පාදනය වැඩිකර ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙල සඳහා මෙලෙස ඉන්දියාවේ සහාය හිමිව ඇත.

එම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය විසින් ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් පිරිනැමීමට එකඟතාව පළ කරමින් දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹ තිබේ.

අදාළ ගිවිසුම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හුවමාරු කරගැනීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කරගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමක් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟා කරදීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත්වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇත.

Related posts

“මව්බිම අනතුරේ” මහ සඟරුවන අද සවස 2ට පිටකොටුවේ සත්‍යක‍්‍රියාවක

colombotoday

තෙවරප්පෙරුමට හදිසි අනතුරක්… රෝහල්ගත කරයි…

colombotoday

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක

colombotoday

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin