Covid 19

ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ්.. පාසල තාවකාලිකව වසා දමයි..

හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනයව ඇති බවට තහවුරු වූ නිසා එම පාසල විෂබිජහරණය කරන තෙක් තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසයි.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනිම සඳහා දික්ඔය මුලික රෝහල වෙත ගිය අවස්ථාවේ ඇන්ටිජන් පරික්ෂණයට භාජනය කර ඇති අතර, එහිදී දෙදෙනාටම කොවිඩ් 19 වෛරසය ආසාදනයව ඇති බවට තහවුරු වී තිබේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවත්,ආසාදිත ගුරුවරිය 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති සදහා ඉගැන්විම් කටයුතු සිදු කරන බව තහවුරුව ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කරයි.

එම ජාත්‍යන්තර පාසලේ ළමුන් දහසක් පමණ අධ්‍යාපනය ලබයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

තහවුරු කළ කොවිඩ් මරණ 41ක්

colombotoday

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

colombotoday

තවත් තහවුරු කළ කොවිඩ් මරණ 94ක් | සමස්ත මරණ සංඛ්‍යාව 5,200 ඉක්මවයි

colombotoday

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37දෙනෙකුට කොවිඩ්

colombotoday

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

colombotoday