Covid 19

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට ගිය නැට්ටුවන් 15කට කොවිඩ්

කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර සඳහා සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකු කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

එම නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින්ට 18 වැනිදා සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලදි ආසාදිත බව හඳුනා ගෙන ඇත.

ඒ අනුව ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11කුටද මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04කුටද මෙසේ කොරෝනා ආසාදනයවි තිබේ.

මෙම ආසාදිත නැට්ටුවන් සහ පන්දම් කරුවන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමටද ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරිමටද පියවර ගෙන ඇති බවද දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

21 වන කොරෝනා මරණය මහරින්

colombotoday

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday

අටළුගම සියයට තිස් පහකට කොවිඩ්. පී.සී.ආර්. වලට සහභාගි වී ඇත්තේ සියයට 8%යි

colombotoday

වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයි

colombotoday

දෛනික ආසාදිතයින් 351ක්

colombotoday

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

colombotoday