Colombo Today Local News

මන්නාරමේ සුරුවම්වලට ගල් ප්‍රහාර

මන්නාරම නගරයේ ස්ථාන කිහිපයක තිබූ කිතුනු සුරුවම් කිහිපයකට පසුගිය දින දෙකක කාලය තුළ ගල් ප්‍රහාර එල්ල වී ඇති බව මන්නාරම ප්‍රදේශවාසීහු පවසයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මන්නාරම නගරයේ ස්ථාපිත කිතුනු සුරුවම් කිහිපයකට සහ මන්නාරම තාල්පාඩු ප්‍රදේශයේ ස්ථාපිත කිතුනු සුරුවමක් ඇතුළු සුරුවම් හතරක් වෙත එලෙස ගල් ප්‍රහාර එල්ල වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය සඳහන් කරන්නේ මන්නාරම නගරයේ මංසන්ධිවල පිහිටි කිතුනු සුරුවම් දෙකකට ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත් ගල් ප්‍රහාරවලින් සුරුවම්වල ආවරණයට සකස්කොට තිබූ වීදුරු ආවරණ කැඩී ගොස් ඇති බවත්ය.

ගල් ප්‍රහාර එල්ල කළ පිරිස් සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය, අද සිටම එන්නත්කරණයට. | ජනාධිපති උපදෙස් දෙයි.

colombotoday

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

colombotoday

බන්දුට මිලානෝ හි තනතුරක් නෑ – විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්.

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday