Colombo Today Local News

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමට ආරක්ෂක අමාත්‍යවරයා එකඟතාවය පළ නොකරන බව නීතිපතිවරයා අද (15)දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

ඔවුන්ගේ නීතිඥ ෆයිස් මුස්තාපා මහතා විසින් අධිකරණයේදී එම ඉල්ලීම සිදුකර තිබුණි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටී.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම් අද විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවනු ලැබීය.

වැඩිදුර පෙත්සම් සලකාබැලීම ලබන 28 වනදා දක්වා කල් තැබුණි.

Related posts

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජයේ තීරණය

colombotoday

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්

colombotoday

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ…

colombotoday