Colombo Today Local News

කිරි කැටියා බිහි කල කොවිඩ් ආසාදිත මව දිවියට සමුදෙයි

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මියගිය පුවතක් ඊයේ (14) දිනයේ කුරුණෑගල රෝහලෙන් වාර්තා වී තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේ 28 හැවිරිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ගැබිනි කාන්තාවක් සිය දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව එලෙස මියගොස් ඇති බවය.

ඇය දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කුරුණෑගල රෝහලට මාරුකර එවා තිබුණි.

ඇයට එම රෝහලේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇති අතර අපස්මාර රෝගී තත්වයෙන්ද පෙළී ඇති බැවින් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමක් සිදුකර ඇති බව වාර්තා විය.

එහිදී අපස්මාර රෝගී තත්ත්වය උත්සන්නවීමත් සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් මව ජීවිතක්ෂයට පත්වී ඇති අතර බිළිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබුණි.

මේ වනවිට බිළිඳා සෞඛ්‍ය සම්පන්නව නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කළේය.

Related posts

කිලිනොච්චියේ පුද්ගල ඝාතනයක්

colombotoday

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

Admin

බෞද්ධ හා පාලි සරසවි මහා ශිෂ්‍ය සංගම් ලේකම් හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

colombotoday