Colombo Today Local News

චාවකච්චේරි බෝම්බකරු එඩ්වඩ් ජූලියන්, ප්‍රභාකරන්ගේ සමීප සගයෙක් !

edverd julian

මාරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් සහ ප්‍රහාරයක් සදහා සූදානම් කර තිබූ පුපුරනද්‍රව්‍ය සමග චාවාකච්චේරි ප්‍රදේශයේදී ඉකුත්දා අත්අඩංගුවට ගත් ගබ්රියෙල් එඩ්වඩ් ජූලියන් නමැති ත්‍රස්තවාදි සැකකරුවා කොටි නායක ප්‍රභාකරන් සමග සමීප සබදතා පැවැත්වූ අයෙක් බව අනාවරණය වී තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වූ බවයි පොලීසිය සදහන් කරන්නේ. ප්‍රශ්න කිරීම්වලදී මොහු‍ පොලීසිය නොමග යැවීමේ අරමුණින් පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරමින් පවතින බවද සදහන් වන අතර තව දුරටත් විමර්ශන සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

අදාළ ත්‍රස්තවාදී සැකකරුවා මුලින් ප්‍රශ්නකිරීම්වලදී සදහන් කර තිබුණේ මුලතිව් වාහන අංගනයක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවූ බවයි. තමන් ධීවර කර්මාණ්තයේ යෙදෙන බැවින් මසුන් මැරීමට පුපුරණ ද්‍රව්‍ය යොදාගත හැකි නිසා මේවා තමන් ගෙන ආ බවද ඔහු සදහන් කර තිබුණා.

කෙසේ වෙතත් පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් පවසන්නේ අදාළ පුපුරණ ද්‍රව්‍ය ඕනෑම මොහොතක භාවිතා කළ හැකි පරිදි සූදානමින් තිබූ ඒවා බවයි. පුපුරණ ද්‍රව්‍ය පිළිබද දැනුමක් නොමැති පුද්ගලයෙකුට මේවා මෙලෙස පරිහරණය කළ නොහැකි බවත් සදහන් වනවා.  මෙම පුද්ගලයා ඉකුත් මානුෂීය මෙහෙයුමේදී හමුදාව සමග සටන් වදිමින් මුලතිව් දක්වාම පසුබැසගොස් අවසන් සටන අවස්ථාවේ හමුදා පාලන ප්‍රදේශයට පැමිණ හමුදාවටද රහසේ පැනගිය පුනුරුත්ථාපනය නොවූණු කොටි ත්‍රස්තවාදියෙකු බවට ප්‍රශ්න කිරීම්වලදී මේවනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

Related posts

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday

සාජාවලත් කරන්නේ ආදාහනයයි. අපිට බලපෑම් කරන්න එ.ජා. මානව හිමිකම් කොමිසමට අයිතියක් නෑ. | මාගල්කන්දේ සුදත්ත හිමි

colombotoday

ශිවාජිලිංගම් සහ විග්නේෂ්වරන් ජාතිවාදය අවුස්සනවා – ශාන්ත බණ්ඩාර

colombotoday

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

අද සහ හෙට සියලු ලංගම බස්රථ ධාවනයට පියවර

colombotoday