Colombo Today Local News

“කටු සූප්පුකාරයන්ට අපි යටත් නෑ.. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි ආණ්ඩුව ගෙදර යවනවා” ප්‍රසන්න රණතුංග

ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙල ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කළ බවත් කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ ආණ්ඩුව ගෙදර යැවීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (02) උඩුගම්පල පැවති වැඩසටහනකට එක්වෙමිනි.

“අපි වැඩ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට හෝ යහා පාලන ආණ්ඩුවේ කටුසූප්පු කරන පුද්ගලයන්ට අවශ්‍ය පරිදි නොවෙයි. යහපාලන ආණ්ඩුව ගහන පදයට නටන්න එකාබද්ධ විපක්‍ෂයේ අපි සුදානම් නෑ.“

“දැන් ආණ්ඩුවේ ආයුෂ ඉවරවෙමිනුයි යන්නේ. අපි ඒ සටනයි පහුගිය 17 වෙනිදා ආරම්භ කළේ. ඒ සටන පාවා දෙන්න මම ලැස්ති නැහැ. එකාබද්ධ විපක්‍ෂයේ අපි ආණ්ඩුව ගෙදර යවා මිසක් පස්ස බලන්නේ නැහැ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි අපි මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි“යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

ආපදා සහිත ප්‍රදේශවල පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කරයි

Admin

පාසල් වෙලාවේදී ටියුෂන් පන්ති තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday

“STF ප්‍රධානියා රිමාන්ඩ් කිරීම නොහොබිනා වැඩක්“ – හෙළ උරුමයෙන් ආණ්ඩුවේ සගන්ට චෝදනා

colombotoday

පේරාදෙණිය රෝහලෙත් හොර වද සැත්කම්… මුස්ලිම් දොස්තරවරිය අතුරුදන් !

colombotoday

‘දෙවැනි සටන‘ 27 නුගේගොඩින් ඇරඹෙයි.. අළුත් මුහුණු කිහිපයක් වේදිකාවේ

colombotoday