Colombo Today Local News

ඇමති ජෝන්ට ආයෙත් මද කිපිලා.. කෝටි 8ක වියදමින් හැදූ වත්තල ඇවිදින මං තීරුව කඩා දමයි

වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශයේ පිහිටි බහුතර කතෝලික ජනතාවක් වෙසෙන වත්තල කළු ඇළ ශරීර සුවතා මං තීරුවේ කොටසක් හා එහි සමරුඵලකය සංචාරක ඉඩම් හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් කඩා බිඳ දමා තිබේ.

ඔහු විසින් අදාළ මං තීරුවේ කොටසක් හා සමරුඵලකය කඩා බඳ දමා ඇත්තේ පාස්කු දිනට පෙර දින (24) රාත්‍රියේය.

අමාත්‍යවරයා මෙය කඩා බිඳ දැමීමට මූලික වී ඇත්තේ මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට ඇති අඩි 15ක පමණ මාර්ය පුළුල්කර ගැනීමේ අරමුණෙන් බව ප්‍රදේශවාසීහු කියති. අක්කර 9ක භූමියක් වන මෙම ඉඩමෙහි නිවාස ව්‍යාපෘතියක් ඉදි කරන්නට සැලසුම් කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ ශරීර සුවතා මංතීරුව විවෘත කර ඇත්තේ 2013 වසරේදීය.

 

කළු ඇළ ශරීර සුවතා මං තීරුවේ කොටසක් හා එහි සමරුඵලකය කඩා බිඳ දමා ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.

Related posts

රන්ජන්ගේ ප්‍රජා අයි­තිය වසර 11කට අහි­මියි | මහා­චාර්ය නීතිඥ ප්‍රතිභා මහා­නා­ම­හේවා

colombotoday

ඉංගිරියේ මනුෂ්‍ය ඝාතනයක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday

බියර්, අරක්කු, සිගරට්, ගංජා එක්ක ගෙවෙන බිග් මැච්

colombotoday