Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

පවත්නා කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබේ.

ඒ අනුව කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය මත රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව වාර්තා වෙයි.

මේ අනුව බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද තාවකාලිකව අත්හිටුවා ඇත.

කෙසේ නමුත් අදාළ රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින් බහරේන්හි පුරවැසිභාවය සහිත නම් ඔවුන්ට මෙම තහනම වලංගු නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

මිල්කෝ සේවකයන් 13ක් අත්අඩංගුවට

Admin

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday

දූෂකයා බේරාගන්න හැදූ කාන්තා කටයුතු ඇමතිණියව විනිසුරු ඉලංචේලියන් විවේචනය කරයි !

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

සිංහල ජනතාවට උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමට විරෝධය පළ කරමින් හර්තාල් ව්‍යාපාරයක්

Admin

“සංහිදියාව” එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමක් – චම්පික යලිත් ජාතිකවාදයට

colombotoday