Colombo Today Local News

ආණ්ඩුව හොදායි.. වෙනස සැපායි.. එට්කා ඕනමයි කියන්න එජාප පාක්ෂිකයෝ මහ ගොඩක් 15දා වීදි බසී

unp 2322

එක්සත් ජාතික පෙරමුණ ඇතුළු හවුල් ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහය දක්වමින් සහ විපක්ෂ බලවේගවලට විරෝධය දක්වමින් විරෝධතා රැළියක් මාර්තු 15වනදා කොළඹදී පැවැත්වීමට සූදානම් වනවා.

කොළම හයිඩ් පිටියේ පැවැත්වෙන මෙම විරෝධතා රැළිය “අළුත් ලංකාවට ඉඩ දෙන්න” තේමාවෙන් පැවැත්වෙන අතර රැකියා දසලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කරමින් ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමයට එරෙහිව ‍විපක්ෂ බලවේග විසින් ගෙනයන සාවද්‍ය ප්‍රචාරවලට එරෙහිව මෙම රැළිය සංවිධානය කරන බවයි එජාපය පවසන්නේ.

ඉන්දු ලංකා වෙළද හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් කොළඹදී පැවැත්වූ විරෝධය පිළිබදව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා පවසා සිටියේ එම විරෝධය දක්වන පිරිස මුදල් ලබාදී ගෙන්වූ පිරිසක් බවයි. එලෙස ගෙනයන කඩාකප්පල්කාරී ක්‍රියාවලට විරෝධය පලකරමින්, රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ තම රජයේ වැඩපිළිවෙලට සහය දැක්වීම සදහා වෘත්තීයවේදීන් මාර්තු 15දා කොළඹට රැස්වන බවයි අගමැතිවරයා පවසා සිටියේ.

මෙම රැළිය සදහා හැකි තරම් පිරිසක් සහභාගී කරවන ලෙස එජාප මූලස්ථානය විසින් සිය වෘතිය සමිති සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කර ඇති අතර පාක්ෂිකයන් කොඹට කැදවීම සදහා බස්රථ දහසක් පමණ සූදානම් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

දේපල හබයක් දුරදිග යයි. | පියා මරුට. දියණියගේ පැමිණිල්ලට පුතා අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂික රටක් – ඇමති මංගල ඇමරිකන් ලොක්කා හමුවී කියයි

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

යුපුන් අබේකෝන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කෝටි තුනහමාරක ප්‍රදානයක්

Admin