Colombo Today Local News

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

චීන පොහොර සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව පොහොර තොගය ප්‍රතිනිෂ්පාදනය කරන ලෙස ද අදාළ සමාගමට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අදාළ චීන සමාගමට මෙලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කළේය.

ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙරට චීන තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක ජීවානුහරණය කිරීමේදී අහිතකර ක්ෂුදු ජීවි විශේෂ අධික උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශවන බවය.

Related posts

ලොව පුරා ශාක පද්ධතිය මුහුණ පා ඇති අවධානම හඳුනාගත් විද්‍යාඥයින් බිය පළ කරයි

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

colombotoday

පාසල් මුරකළ දෙමව්පියන්ට නිවාඩු දෙයි

colombotoday

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday