Colombo Today Local News

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මිශ්‍රවූ ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියා සිටියේ මෙම ක්‍රමවේදයට අනුව කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් මුහුදු ජලයට එක්වන ඉන්ධන හා අනිකුත් රසායනික ද්‍රව්‍ය ඉවත් කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා…

‘‘ඒ සඳහා බෝගල පතලේ මිනිරන් ලබාගෙන මිනිරන් ව්‍යුහය වෙනස් කොට පැතලි මෙට්ට ආකාරයෙන් සකසා මිනිරන් ග්‍රෑම් එකකට කාන්දු වී ඇති ඉන්ධන ග්‍රෑම් 120ක් පමණ උරාගත හැකි ආකරයට එම ක්‍රමවේදය සකසා තිබේ. මේ නවතම ක්‍රමවේදයට අනුව මුහුදට කාන්දු වී ඇති ඉන්ධන එක්රැස් කොට එම ඉන්ධන නැවතත් භාවිතයට ගත හැකි වීමද විශේෂත්වයකි.
ලෝකයේ කිසිම රටක මේ දක්වා ක්‍රියාත්මක කොට නැති මෙම ක්‍රමවේදයට අදාළ පේටන්ට් බලපත්‍රය පවා අප ලබාගෙන තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය, බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමග එක්ව තමයි මේ ඉන්ධන ඉවත් කිරීමේ කටයුත්ත අපි සිදු කරන්නේ. තවද මේ නැවේ ඉන්ධන විශාල ප්‍රමාණයක් ගබඩා කොට තිබෙනවා. මෙම ගබඩා කොට ඇති ඉන්ධන තොගය ඒ නැවෙන් වෙනත් නැවකට කාන්දු නොවී බැහැර කිරීම සම්බන්ධයෙන් ද අප මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඒ සඳහා අපට සහාය වීම සඳහා ඇමරිකාවෙන් විශේෂඥයෙක් ලංකාවට පැමිණ සිටිනවා. එම විශේෂඥයා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හා එක්ව එම ඉන්ධන තොගය තවත් නැවකට ඉවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පර්යේෂණ මේ වන විට කරමින් සිටිනවා.

මේ කටයුත්ත සඳහා මහාචාර්ය අමරසේන පිටවල, මහාචාර්ය ජී.ආර්. කුමාර හා මම එක්ව විශේෂ පර්යේෂණ කිහිපයක් කළා. එමගින් සාර්ථක විසඳුම් ලැබුණා. මේ නවීනතම ක්‍රමවේදය සඳහා පේටන්ට් බලපත්‍රය ලැබී තිබෙන්නේත් අප තිදෙනාටයි. මේ සඳහා භාවිත කරන විශේෂිත අමුද්‍රව්‍ය මිනිරන් බෝගල පතල මගින් නොමිලේ ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. පතලේ භාවිතයට නොගන්නා මිනිරන් තමයි අපි මේ සඳහා උපයෝගී කර ගන්නේ. ඉතාමත් ඉක්මනින් ඉන්ධන ඉවත් කිරීම ආරම්භ කිරීමට අප අදහස් කර තිබෙනවා.”

Related posts

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඒකරත්න නීතිඥවරුන් වෘත්තිය ප්‍රවර්ධනයක

colombotoday

කුඩු ගහන ඇමතිලාගේ නම් හෙළිකරන්න – කථානායක රන්ජන්ට දන්වයි

colombotoday

බැදුම්කර මහා වංචාකරුවා අර්ජුන්.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටුවේ නිර්දේශ මෙන්න

colombotoday

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

colombotoday

“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීර

colombotoday

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday