Colombo Today Local News

“17 හයිඩ්පාක් රැළිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තහනම්.. මහින්දටත් තහනම්.. ගියොත් විනය පියවර” – දුමින්ද දිසානායක

duminda 232

ලබන 17 වනදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ජන රැලියට සහභාගි වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට අවසර ලබාදී නොමැති බව , ශ්‍රිලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි .අමාත්‍යවරයා කියා සිටියේ , ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මේ තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ ඇතුළු සියළු දෙනාටම බලපාන බවයි .

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අම්බලමක් නොවන අතරම පක්ෂයේ ප්‍රතිපත්ති වලට එරෙහි වෙමින් , පක්ෂ ව්‍යවස්ථාව කඩන ඕනෑම කෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයක් ලෙස සුදානම් බවද අමාත්‍යවරයා සදහන් කරයි.

පක්‍ෂයේ තීරණයට අභියෝග කරමින් මාධ්‍ය ඉදිරියේ වීරයන් වන්නට යම් කිසිවකු කටයුතු කළහොත් පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවද හෙතෙම කීය.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යනු අම්බලමක්‌ නොවන බවත් විනයක්‌ තිබෙන ප්‍රතිපත්තියක්‌ තිබෙන පක්‍ෂයක්‌. එමනිසා මෙම රැලියට කවුද යන්නේ කියලා. තමා විමසිලිමත්ව බලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

ජවිපෙත් සමග එක්වී සම්මතකරගත් 20 සංශෝධනය රැකගන්න TNA උසාවි යයි

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

පින්නවල රඳවා සිටි තවත් හීලෑ අලියෙකු මුල් හිමිකරුට මුදා හරි

colombotoday

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල දිගටම වසා තබයි. දෙපාර්තමේන්තුවට දිනකට රු මිලියන 17 ක ඉතිරියක්

colombotoday

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතුයි – කාවින්ද ජයවර්ධන

Admin

රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්

colombotoday