Colombo Today Local News

වී සදහා සාධාරණ මිළක් ගෙවන්න ආණ්ඩුව අපොහොසත්.. කුඹුරු අක්කර 125,000කින් වී වගාව ඉවත් කිරීමට යයි

hgh265

වී නිෂ්පාදනයට සාධාරණ මිලක් ගෙවීමට අපොහොසත් වීමත් මේ වනවිට රජයට අයත් ගබඩා තුළ වී අතිරික්තයක් පැවැතීමත් හේතුවෙන් යල කන්නයේ කුඹුරු අක්කර 125,000 ක වී වගාව නතර කර අතිරේක බෝගවගාවන් සිදු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මහ කන්නයේ වී අස්වැන්න කපා අවසන් කර ඇති කුඹුරුවල අතිරේක බෝග වගා කිරීම ආරම්භ කර ඇති බව පැවසෙන අතර පොහොර සහනාධාරය වෙනුවට ඔවුන්ට හෙක්ටෙයාරයකට රුපියල් 25,000ක් ලබා දීමට සූදානම් වන බවත් වාර්තා වේ.

මහ කන්නයේ වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින අතර ආණ්ඩුවට වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් නොමැති වීමෙන් මේ වනවිට පෞද්ගලික වෙළඳුන් කුණු කොල්ලයට වී අස්වැන්න මිලදී ගැනීමේ නිරත වන බව පැවසේ.

Related posts

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Admin

පොලිස් ජීප් රථයක ත්‍රිරෝද රථයක් ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරු තුරුලට

colombotoday

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

Admin

“අපට කරන්න දෙයක් නෑ“ කොටි සැමරුම් ගැන ආරක්ෂක ලේකම් නිල මතය කියයි !

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin