Colombo Today Local NewsUncategorized

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 16 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය මෙන්ම දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම අංශයන් විසින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතා දැමීමට නියමිතයි.

එම කාලය තුළ කල් ඉකුත්වූ ආදායම් බලපත්‍ර සඳහා කිසිදු දඩ මුදලක් අය නොකිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ පහසුකම තවදුරටත් ක්‍රියාත්මක අතර, මාර්ග ගත ක්‍රමය මගින් ලබාගන්නා ආදායම් බලපත්‍රවල වලංගු කාලය දින 60ක් දක්වා දීර්ඝ කර තිබේ.

මේ අතර පවතින කොවිඩ් තත්ත්වය යටතේ රියදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ඉක්මන් නොවන ලෙසද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා

colombotoday

මහින්දගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

Admin

කොන්ද පන තියෙන නායකයෙක් රටට අවශ්‍යයි. සිරිසේනට මගේ සහය නෑ – කුමාර වෙල්ගම කියයි

colombotoday

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

colombotoday

TNA මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් 25කගේ පවුල්වලට රජයේ ඉඩම් ඉල්ලයි

colombotoday