Colombo Today Local News

ජීප් රිය පැදෙව්වේ ඇමති චම්පිකමයි.. අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

champika 2632

පසුගිය 28 වනදා රාජගිරිය ජනාධිපති විදුහල ඉදිරිපිටදී ඇමති පාඨලීි චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයේ ගැටීම නිසා අසාධ්‍ය තත්වයේ මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන තම මිතුරා සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස සිද්ධිය ඇසින් දුටු තරුණයන් දෙදෙනෙකු ඊයේ දිනයේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කලේය.

තමන් එම අනතුර සිදු වූ අවස්ථාවේදී ඇමතිවරයා පැහැදිලිව හඳුනාගත් බව පවසන එම සාක්‍ෂිකරුවන් පසුව බොරැල්ල පොලීසියේදී වෙනත් රියදුරෙකු යොදවා තම කට උත්තර පවා වෙනස් කර ඇති බව කියයි.

ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ඇමතිවරුන් අසනීප වූ පසු සිංගප්පුරු යවා ප‍්‍රතිකාර ලබා දෙන ආකාරයට ඇමතිවරයෙකු විසින් අනතුරට පත් කල තම මිතුරාද එසේ විදෙස් ප‍්‍රතිකාර ලබා දෙන ලෙසයි.

අනතුර ඇසින් දුටු සාක්‍ෂිකරුවන් ලැබීමේ දැන් තත්වය මත ඇමති චම්පික රණවකට තමන් මුලින් බොරු කියා නීතිය නොමඟ යැවූ බව පිලිගන්නට වනු ඇත. තරුණයන්ගේ සාක්‍ෂි නොසලකා ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ නම් ඔවුන් විසින්ම සපථ කරන ලද යහපාලනය යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම මහා විහිළුවක් වනු ඇත.

– ජනක සුබසිංහ
Lankacnews

Related posts

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සැකසීම NGO ඒජන්තයෙක් අතට !

colombotoday

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin