Colombo Today Sports News

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති මන්ත්‍රී ප්‍රේමනාත්

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත්ව තිබේ.

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ රැස්වීමක් ඊයේ (12)දින පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

එහිදී සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත්වී ඇත.

එහිදී අදහස් දැක්වූ ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කළේ, “මේ සංගමය තුළ පූර්ණ කාලීනව විනිසුරුවරුන් ලෙස කටයුතු කරන 500කට අධික පිරිසක් ඉන්නවා. පසුගිය කාලයේ කොවිඩ් නිසා ක්‍රිකට් තරග පැවැත්වුණේ නෑ. ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවන්න අවශ්‍යයි. මෙවැනි කාරණාවලට මූලිකත්වයක් ලබාදීලා සංගමය ඉදිරියට ගෙනයෑම මගේ අරමුණයි,” යනුවෙනි.

Related posts

සනත් ජයසූරියගේ සම්බාධක කාලය අවසන් වෙයි

colombotoday

ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday

මාලිගෙන් ලෝක වාර්තාවක්

colombotoday

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

colombotoday