Colombo Today Local News

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

එළඹෙන 14 වන දා මධ්‍යම රාත්‍රී 12.00න් පසු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, විභාග අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සහ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම ආදිය තහනම් වනු ඇත.

අදාල තහනම වලංගු වන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන තුරු පමණක් වන අතර එම තහනම පනවා ඇත්තේ 1927/49 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සංශෝධිත 1968 අංක 25 දරණ ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නියෝග ප්‍රකාර අනුව ය.

Related posts

නුවර – කොළඹ අධිවේගය ජූනියේ වැඩ අල්ලයි

colombotoday

යුද්ධයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 400ක් පාඩුයි..!

colombotoday

නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් ඉවතට

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

Admin

වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්

colombotoday