Colombo Today Local News

අග්නිදිග ආසියාව පුරා අයිසීස් පැතිර යයි ! එ.ජා. මහලේකම්ගෙන් අනතුරු ඇගවීමක්

isis sri lnka

අයිසිස්‌ ත්‍රස්‌තවාදය අග්නිදිග ආසියාව වෙත ව්‍යාප්ත වන බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (12 දා) විශේෂ වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් අනතුරු අඟවා ඇත.

මහ ලේකම්වරයා මෙම අනතුරු ඇඟවීම කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක අන්තවාදී ක්‍රියාවක්‌ පිළිබඳ දේශන පැවැත්වෙන බවට වාර්තා වී තිබේ.

බෑන් කී මූන්ගේ මෙම වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට ද ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අයිසිස්‌ ක්‍රියාකාරීන් 43 ක්‌ ද සිරියාවට ගිය බවට මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබේ. එහෙත් සිරියාවට ගිය අන්තවාදීන් පිරිස කොතෙක්‌ දැයි මෙතෙක්‌ වාර්තා වී නැත.

අයිසිස්‌ ත්‍රස්‌තවාදයට සම්බන්ධ වූවන් කොළඹ, කොළොන්නාව, මහනුවර ඇතුළු ප්‍රදේශ කීපයක සිටින බවත් බුද්ධි අංශ වාර්තාවේ සඳහන් වී තිබේ.

ඇතැම් පාර්ශ්ව ශර්යා නීතිය ඉගැන්වීමට ද කටයුතු කරන බව වාර්තා වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි !

colombotoday

අවුරුදු සමයේ ඇමති බදියුදීන්ගෙන් පාරිභෝගිකයන්ට හෙණ ගෙඩියක් !

colombotoday

යාපනය මහාධිකරණ විනිසුරු සැබෑ සංහිඳියාවට තවත් පියවරක් තබයි !

colombotoday

යහපාලන වේදිකාවේ පට්ට ගැසූ මහින්දගේ සීෂෙල්ස් බැංකු ගිණුමේ ඇත්ත හෙළිවෙයි

colombotoday

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday