World

රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි දුන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි ආයුධ ලැබී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ඇමෙරිකාව නගන මෙම චෝදනාවලට පිළිතුරු දෙමින්, තමන් රුසියාව සමඟ කිසිදු දිනෙක කිසිදු ආකාරයක අවි ගනුදෙනුවක් නොකළ බවත්, ඇමෙරිකාව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

උතුරු කොරියාව රුසියාවට පතොරම් ලබා දී ඇති බව ජපාන මාධ්‍ය පසුගිය දා ද වාර්තා කර තිබුණි. එම වාර්තා වලට පිළිතුරු දීම කාලය නාස්ති කිරීමක් බව උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

Related posts

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin

උතුරු කැලිෆෝනියාවේ භූකම්පනයක් – 12ක් මරුට

Admin

කොවිඩ් නසන්න තවත් පෙත්තක් ෆයිසර් සමාගමෙන්

colombotoday