Colombo Today Local News

වන්දි ලබාගන්න කඩිනමින් නඩු පවරන්නැයි ජනපතිගෙන් උපදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

ඊයේ (12)දින රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්ව විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් මෙරට සමුද්‍රීය පරිසරයට විශාල හානියක් සිදුවූ අතර එය මෙතෙක් ලොව සිදුවූ විනාශකාරීම නෞකා අනතුර ලෙස සැලකේ.

කෙසේවෙතත් අදාළ අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් මෙතෙක් සිදුකර නොමැති බව සඳහන්ය.

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුව ඇති අතර කඩිනමින් අදළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන නෞකා සමාගමට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

Related posts

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday

අයි.එම්.එෆ්. එක හංගලා ගහන ගේම්වලට මම යට උනේ නෑ – රවී කරුණානායක

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

colombotoday

ඩේටා කැපිල්ලක් සමග බිල ඉහළට, දුරකථන බිලත් නගී..? පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday

අලි එළවීමට අලුත් තාක්ෂණයක්

colombotoday