Colombo Today Local News

කොවිඩ් එන්නත් ලබාගැනීමේ සම්බන්ධීකරණය ලලිත් වීරතුංගට

විදෙස් රටවල නිපදවා ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමෙන් පසුව අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබේ.

දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව ජනාධිපති කාර්යාලයේ අද (22)දින පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළැඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

කොවිඩ් එන්නත ලබාදිය යුතු කණ්ඩායම්, අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුව තීරණය කෙරේ.

වතු, මහල් නිවාස, නේවාසිකාගාර ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත රැස් කිරීමට ද තීරණය කෙරිණ.

මේ වනවිට අමෙරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා තිබේ.

Related posts

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

සුපිරි මෙහෙයුමකින් පසු රජයේ විමර්ශණ කණ්ඩායම ඥාණසාර හිමිගේ පන්සල හැදූ හැටි හොයාගනී

colombotoday

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

colombotoday

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විරෝධය නැවතත්.

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Admin