Colombo Today Local News

පාස්කු ප්‍රහාරකයින් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (31) දින ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් එක් අයෙක් විසින් එම වීඩියෝ ව හා ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.

සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මොවුන් විසින් ‘වන් උම්මා‘ නමින් වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් අන්තවාදී මතවාද කටාර් රාජ්‍යයේ සිට විවිධ ආකාරයෙන් ප්‍රචාරය කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කරමින් සිට තිබෙනවා. පසුව අප විසින් කරන ලද දැනුම්දීමක් අනුව නොවැම්බර් 21 වන දින ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාවට එවා තිබුණා. “

2018 වසරේ අවසන් කාලයේ දී මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ (31) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සහරාන් හෂීම්ගේ අනුගාමිකයින් විසින් 2018 දී සාමාන්‍ය පෙළ අවසන් කළ මුස්ලිම් දරුවන් සඳහා එලෙස පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

Related posts

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

බදු නොගෙවූ අරක්කු සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්න නියෝග

Admin

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

Admin

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

colombotoday