Colombo Today Local News

කාබනික පොහොර එවූ චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ.

තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් එම සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් “HIPPO SPIRIT” නැමති නෞකාව මේ වනවිට කළුතර – බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි.

Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කර ඇත.

Related posts

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

colombotoday

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

colombotoday

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

ලංකාව නිසා චීනය – ඉන්දියාව ඇවිළෙයි.. චීන මාධ්‍යයෙන් ඉන්දියාවට තර්ජණයක් !

colombotoday

ජනපතිගෙන් ජපානය ට ඇරයුමක්

Admin